Header

Sri Lanka Army

Defender of the Nation

02nd January 2024 18:32:23 Hours

232 පාබල බලසේනාවේ භටපිරිස් ප්‍රදේශයේ ගංවතුර ආපදා කටයුතු වල නිරත වෙයි

232 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 12 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 26) දින මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් විපතට පත් ප්‍රදේශවලට කඩිනම් ආධාර ලබාදෙමින් හානියට පත් කිරාන් -කුඩුඹිමලේ සහ තොප්පිගල-පෙරියවඩ්වන් යන මාර්ගයන් ප්‍රතිසංස්කරණය කර ප්‍රවාහන කටයුතු යථා තත්ත්වයට පත් කරන ලදී.

23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත 232 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ පුෂ්ප කුමාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය මත භටපිරිස් විසින් ප්‍රදේශයේ හානියට පත් යටිතල පහසුකම් නැවත යථා තත්ත්වයට කරන ලදී.

අධික වර්ෂාපතනයත් සමඟ මාදුරුඔය සහ වාලච්චේන ආරු පිටාර ගැලීම හේතුවෙන් කිරන්, පුලිපංචිකාල්, වඩුමුණේ, කුඩිඹිමලේ, තොප්පිගල, පෙරියවඩ්වාන් යන මාර්ග සති දෙකක පමණ කාලයක සිට අඩි 5 -7ක් පමණ මට්ටමකිවන් ජලයෙන් යටවීම හේතුවෙන් කෝරළේපත්තුව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව ද පීඩාවට පත්ව සිටියහ.