Header

Sri Lanka Army

Defender of the Nation

02nd January 2024 18:35:54 Hours

විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

විශ්‍රාම දිවියට පා තබන හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ සේවය ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 30) දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් රාජකාරීන් භාරදීම නිල වශයෙන් සිදුකරනු ලැබීය.

මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී එම රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වමින් සිය ගෞරවාචාරය පුදකරන ලදී. අනතුරුව, සියලු නිලයන් අමතමින් යුද්ධ හමුදාව තුළ සිංහ රෙජිමේන්තුවට ආවේනික සංස්කෘතිය උසස් මට්ටමින් පවත්වා ගැනීම සඳහා කැප වී රාජකාරි කරනු ලබන සිංහ රෙජිමේන්තුවේ සියලුම නිලයන් වෙත සිය කෘතඥතාව පුදකළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින්, එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. එදින සන්ධ්‍යාවේදී රෙජිමේන්තු නිලධාරී නිවස්නයේදී හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මන්ත්‍රණ සභා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන් ද සහභාගී වූහ.