2024-01-08 17:58:19
1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වදුරස්ස, පොන්හිලාව, කඳුබඩගම, වීරගොල්ල, දෙකඩවල, කටුගම්පොල, සහ මාඑළිය දකුණ යන ප්‍රදේශවල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය, ක්‍රීඩා භාණ්ඩ සහ සෙල්ලම් බඩු ආදිය බෙදාදීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 29) දින සංවිධානය කරන ලදී.
2024-01-08 17:47:56
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා බලකායේ කර්නල් ආර්.ටී ලොකුතොටහේවා යූඑස්පී පීඑස්සී, ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදක පුහුණු පාසලේ නව සේනාවිධායක වශයෙන් පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 06) දින ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
2024-01-08 17:41:08
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි, ජංගම රාජකාරියෙහි නිරත භටපිරිස් සඳහා වවුනියාව බස් නැවතුම්පොළ පරිශ්‍රයේ නවීකරණය කරන ලද නවාතැන් සංකීර්ණය ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්.නානායකකාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 06) දින විවෘත කරන ලදී.
2024-01-06 17:04:11
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ 5 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී 2024 ජනවාරි මස 01 දින මත්තේගොඩ ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මුලස්ථානයේදී රාජකාරි භාරගත්තේය.
2024-01-06 17:01:45
සූරියපුර ග්‍රාම නිලධාරි කොට්ඨාශය හරහා ගලා යන මහවැලි...
2024-01-05 16:20:28
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ නියෝජනය කරමින්...
2024-01-05 16:17:36
58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත ‘අඳුරෙන් එලියට’ විදුලි කෝෂ පරිත්‍යාග වැඩසටහන යටතේ පුත්තලම, සින්නවිල්ලුවත්ත ප්‍රදේශයේ වෙසෙන පවුල් 65 ක් වෙනුවෙන් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන විදුලි පහන් ලබාදීමේ වැඩසටහනක් පසුගිය බදාදා (දෙසැම්බර් මස 29) දින පැවැත්වීය. මෙම වැඩසටහන මඟින් විදුලිය නොමැති නිවාස හිමි අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් සිටින පවුල් වෙනුවෙන් ප්රමුඛත්වයක් ලබා දී ඇත.
2024-01-05 16:14:50
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් දඹුලු හල්මිල්ලවැව ආදර්ශ විද්‍යාලයේ අධ්‍යාපනය...
2024-01-04 21:37:56
ශ්‍රී ලංකා සංඥා බලකායේ 17 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී බ්‍රහස්පතින්දා (ජනවාරි මස 04) දින පනාගොඩ ස්ථාපිත ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති උත්සවයකදී රාජකාරී භාරගත්තේය.
2024-01-04 19:10:57
දියතලාව, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල මඟින් මාස එකොළහක කාල සීමාවක් පුරාවට පවත්වනු ලැබූ සැඟවුණු වෙඩික්කරු පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරනු ලැබූ සිසුන්ගේ විසිරයාමේ සහ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය පසුගිය දා පැවැත්විණි. මෙම විසිර යාමේ පෙළපාලිය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පිඑස්සි සහභාගී විය.