Header

Sri Lanka Army

Defender of the Nation

05th January 2024 16:14:50 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් දඹුලු හල්මිල්ලවැව ආදර්ශ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 100 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ සහ පාවහන් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 02) දින එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.

වැඩසටහන සඳහා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ 86 (සා/පෙ) සහ 88 (උ/පෙ) කණ්ඩායමේ ත්‍යාගශීලීන් විසින් මූල්‍යමය දායකත්වය ලබාදුන්හ.