Header

Sri Lanka Army

Defender of the Nation

06th January 2024 17:01:45 Hours

මහවැලි ගඟේ ගං ඉවුර ඛාදනය වීම වැළැක්වීමේ අරමුණින් 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් වැලි කොට්ට අතුරයි

සූරියපුර ග්‍රාම නිලධාරි කොට්ඨාශය හරහා ගලා යන මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් එම ගං ඉවුර ඛාදනය වීම වැළැක්වීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් ගඟ දිගේ කිලෝමීටර් 4.7 ක් පුරාවට වැලි කොට්ට අතුරා ගං ඉවුර ආරක්‍ෂා කරනු ලැබීය.

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 222 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත ක්‍රියාත්මක කෙරුණු මෙම ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් 35 කට අධික ප්‍රමාණයක් සහ සිවිල් ආරක‍්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද සිය දායකත්වය දැක්වූහ.