Header

Sri Lanka Army

Defender of the Nation

05th January 2024 16:17:36 Hours

58 පාබල සේනාංකයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 65 ක් වෙනුවෙන් විදුලි කෝෂ පරිත්‍යාගක්

58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත ‘අඳුරෙන් එලියට’ විදුලි කෝෂ පරිත්‍යාග වැඩසටහන යටතේ පුත්තලම, සින්නවිල්ලුවත්ත ප්‍රදේශයේ වෙසෙන පවුල් 65 ක් වෙනුවෙන් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන විදුලි පහන් ලබාදීමේ වැඩසටහනක් පසුගිය බදාදා (දෙසැම්බර් මස 29) දින පැවැත්වීය. මෙම වැඩසටහන මඟින් විදුලිය නොමැති නිවාස හිමි අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් සිටින පවුල් වෙනුවෙන් ප්‍රමුඛත්වයක් ලබා දී ඇත.

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලීන් පිරිසක් මෙම වැඩසටහන සඳහා සිය අනුග්‍රාහකත්වය ලබාදී ඇත. පරිත්‍යාගශීලීන් නියෝජනය කරමින් පරාක්‍රම ගිරියාගම මහතා සහ මේජර් අරුණ පෙරේරා (විශ්‍රාමික) මෙම වැඩසටහනට සහභාගී වූහ.