2024-02-02 15:51:40
යුද්ධ හමුදා මූලස්ථානයේ රාජකාරි කරනු ලබන තෝරාගත් භටපිරිස් සහ සිවිල් සේවක මහතුන් සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් වියලි ආහාර සලාක පාර්සල් 100 ක් බෙදාදීමේ වැඩසටහනක් එම ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාර් මස 01) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්වූහ.
2024-02-02 15:48:10
9 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් පසුගිය සඳුදා (ජනවාරි මස 29) දින පුදුකුඩිඉරිප්පු, සුගන්තිපුරම් හි ‘අන්නී පුරානි’ පෙර පාසලේ නවතමයෙන් ඉදිකරන ලද මුළුතැන්ගෙය සහ භෝජන ශාලාව විවෘත කිරීම සිදුකරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගි විය.
2024-02-02 15:44:57
112 පාබල බලසේනාවේ 73 වැනි සංවත්සරය එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.ඒ.ජේ හේමචන්ද්‍ර ආර්එස්පී පීඑස්සී ගේ උපදෙස් මත පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 30) වන පවත්වනු ලැබීය.
2024-02-01 18:59:15
රෝගාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත බළලත් නිලධාරි I ඒ.කේ රාමනාදන් (විශ්‍රාමික) ගේ දේහය වෙත ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී විසින් පසුගිය ඉරිදා ( ජනවාරි මස 25 ) දින ගෞරවාචාරය දැක්විය.
2024-02-01 18:55:10
කරන්දෙණිය ප්‍රදේශයේ ස්ථාපිත සන්නද්ධ බුද්ධි බලකායේ 31 වන සංවත්සර දිනය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහා සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි මස 25) දින පවත්වන ලදී.
2024-02-01 18:51:29
කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි එස්එම්
2024-02-01 10:17:15
දිවයින පුරා රජයේ රෝහල්වල වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අමාත්‍යංශය වෙතින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත මජනතාවට අත්‍යාවශ්‍ය වෛද්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අද (පෙබරවාරි මස 1) දින යුද්ධ හමුදා භටපිරිස් සිය දායකත්වය ලබාදෙනු ලබයි.
2024-01-31 20:02:48
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්. කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ආර්ය පදනමේ අනුග්‍රාහකත්වයෙන් එම බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අධ්‍යාත්මික, මානසික සහ ධනාත්මක ආකල්ප ගොඩ නැගීමේ අරමුණින් යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා ‘රෙන්ඩෝවසර් ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරය’ හිදී ‘උදාරයි ඔබ’ වැඩසටහන පසුගිය සිකුරාදා (ජනවාරි මස 19) දින පවත්වන ලදී.
2024-01-31 19:57:36
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 221, 222 සහ 223 පාබල බලසේනා බල ප්‍රදේශයන්හි දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ ජීවත් වන නිවාස අවශ්‍යතා සහිත පවුල් සඳහා නව නිවාස තුනක් ඉදිකිරීමට මුල්ගල් තැබීම ආගමික චාරිත්‍රානුකූලව ජනවාරි මස 28 සහ 29 යන දිනයන්හි දී පැවැත්වූහ.
2024-01-31 19:52:53
11 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් යාපනය, කරෙයිනගර් ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් 125 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (ජනවාරි මස 28) දින කරෙයිනගර් සංස්කෘතික ශාලා පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී.