Header

Sri Lanka Army

Defender of the Nation

02nd February 2024 15:51:40 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් වියලි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක්

යුද්ධ හමුදා මූලස්ථානයේ රාජකාරි කරනු ලබන තෝරාගත් භටපිරිස් සහ සිවිල් සේවක මහතුන් සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් වියලි ආහාර සලාක පාර්සල් 100 ක් බෙදාදීමේ වැඩසටහනක් එම ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාර් මස 01) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්වූහ.

හමුදා භටපිරිස් හි සහ සිවිල් සේවක මහතුන්ගේ ආර්ථික දුෂ්කරථාවයන් සඳහා යම් කිසි සහනයක් ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

ජානකී ලියනගේ මහත්මිය විසින් ප්‍රතිලාභීන් වෙත එම වියලි ආහාර සලාක පාර්සල් බෙදාදුන් අතර, එම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.