01st February 2024 18:55:10 Hours
කරන්දෙණිය ප්‍රදේශයේ ස්ථාපිත සන්නද්ධ බුද්ධි බලකායේ 31 වන සංවත්සර දිනය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහා සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි මස 25) දින පවත්වන ලදී.
රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සැපැමිණි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව කදවුරු පරිශ්‍රයේ පැලයක් රෝපණය කල අතර, පසුව නවතමයෙන් ඉදිකිරීමට නියමිත නිලධාරි නිවස්න ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම හා නවතමයෙන් ඉදිකරන ලද සෙසුනිල භට නිවාසය විවෘත කරන ලදී. රණවිරු සැමරුම් උත්සවයක් ඇතුළු විවිධ වැඩසටහන් මාලවක් සංවත්සර දිනය වෙනුවෙන් පැවැත්වූහ. උත්සව කටයුතු අවසානයේ පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රහය සඳහාද එතුමන් සහභාගි විය.
සංවත්සර උත්සවය සඳහා සන්නද්ධ බුද්ධි බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.