Header

Sri Lanka Army

Defender of the Nation

01st February 2024 18:59:15 Hours

අභාවප්‍රාප්ත, බළලත් නිලධාරි I ඒ.කේ රාමනාදන් (විශ්‍රාමික) වෙත ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, ගෞරවාචාරය

රෝගාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත බළලත් නිලධාරි I ඒ.කේ රාමනාදන් (විශ්‍රාමික) ගේ දේහය වෙත ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී විසින් පසුගිය ඉරිදා ( ජනවාරි මස 25 ) දින ගෞරවාචාරය දැක්විය.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සාමාජිකයෙකු වන බළලත් නිලධාරි I ඒ.කේ රාමනාදන් (විශ්‍රාමික), රට වෙනුවෙන් අභීත සේවයක් ඉටුකරමින් වර්ෂ 1980 දී විශ්‍රාම දිවියට එළඹුනේය. ඔහු සිය වෘත්තීය දිවිය තුල රටෙහි සාමය, සංහිඳියාව, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය තහවුරු කිරීමෙහිලා වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් තම රාජකාරි ඉටු කළේය. ඔහුගේ සේවය ඇගයිමට ලක්කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු විසින් සිය ශෝකය ප්‍රකාශ කරන ලදී.

දරුවන් පස් දෙනෙකුගේ ආදරණීය පියෙකු වන බළලත් නිලධාරි I ඒ.කේ රාමනාදන් (විශ්‍රාමික) සිය පවුල සහ රට වෙනුවෙන් කළ කැපවීම සිහිපත් කරමින් යාපනයේ පුත්තූර් හිදී හමුදා ගෞරවාචාරය මධ්‍යයේ අවසන් කටයුතු සිදුකරනු ලැබූ අතර, අවමංගල්‍ය උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.