01st February 2024 18:51:29 Hours
කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි එස්එම් (Lieutenant Colonel Mandeep Singh Negi SM) පසුගිය බදාදා (ජනවාරි මස 31) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි හි නිල සංචාරයක නිරත විය.
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් ලුතිනන් කර්නල් මන්දීප් සිං නෙගී එස්එම් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. මෙම ද්විපාර්ශවීය හමුවේදී ඔවුන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බලප්‍රදේශයේ කාර්යභාරය, ආරක්‍ෂාව, ප්‍රජා සංවර්ධනය, සිවිල්-හමුදා සහයෝගීතාවය සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාම ආදී කරුණු පිළිබඳව අවධානය යොමු කරනු ලැබීය.
සුහද හමුව අවසානයේදී ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි එස්එම් (Lieutenant Colonel Mandeep Singh Negi SM) අමුත්තන් සඳහා වු සමරු සටහන් පොතෙහි සටහනක්ද තැබීය. අනතුරුව සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.