2025-02-07 15:56:06
55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 55 පාබල සේනාංකයේ භටපිරිස් විසින් කිලිනොච්චි ප්‍රදේශයේ දරුදැරියන් වෙනුවෙන් ළමා උද්‍යානයක් ඉදිකරන ලදී. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ගොඩනගන ලද මෙම ළමා උද්‍යානය 2025 පෙබරවාරි මස 05 දින නිල වශයෙන් විවෘත කරන ලදී.
2025-02-07 15:53:25
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ සහ 232 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් මත 232 පාබල බලසේනාවේ භටපිරිස් විසින් දිවා අහාර පාර්සල් සහ යෝගට් බෙදා දීමේ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 04 දින පවත්වන ලදී.
2025-02-07 15:48:45
77 වන ජාතික නිදහස් දිනයට සමගාමීව 522 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.කේ.එස්.පී.එම්.ආර්.ඒ.බී දොඩම්වල පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 10 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එස්.එච් සුදුසිංහ ගේ අධීක්ෂණය යටතේ මනල්කාඩු ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී රුක් රෝපණ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 04 දින පවත්වන ලදී.
2025-02-07 15:43:28
14 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් හා 141 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 6 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි මේජර් එන්.සී කරුණාරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී හා 8 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් වයි.ඩි.එන්. ද සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ අධීක්ෂණය මත භටපිරිස් විසින් අත්තනගල්ල ‘සෙවණ’ වැඩිහිටි නිවාසයේ සහ ‘ඉසුරු’ ළමා නිවායේ නේවාසිකව රැකවරණය ලබන අයවළුන් සඳහා 2025 පෙබරවාරි මස 04 දින ප්‍රජා සේවා වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී.
2025-02-06 15:13:46
77 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ තවත් අදියරක් ලෙස යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත දිවයින පුරා පිහිටි වෙරළ තීරයන් සහ මාර්ග දෙපස පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.
2025-02-06 09:58:26
ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ සහ යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස් ගමගේ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2025 පෙබරවාරි මස 05 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2025-02-06 09:50:26
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 3 හා 4 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරින්ගේ අධීක්ෂණය මත ඉඳිකරනු ලැබූ නව නිවාස දෙකක් 2025 පෙබරවාරි මස 3 දින කොමිෂන් නොලත් නිලධාරින් දෙදෙනෙකු වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.
2025-02-06 09:47:26
77 වන නිදහස් දින සැමරුමට සමගාමීව ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මඟපෙන්වීම මත භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 4 දින පොළොන්නරුව, පැරකුම් වැඩිහිටි හා ළමා නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ කුඩා ළමුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් සහ පාසල් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2025-02-06 09:45:46
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ සහ ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ව්‍යාපෘති භාර නිලධාරි බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්.ආර් කුමාර යූඑස්පී අයිඑස්සී ගේ උපදෙස් මත 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පිඹුරත්තෑව අඩවි වන නිලධාරි කාර්යාලයේ නිලධාරින් සහ මහවැලි කාර්යාලයේ නිලධාරින් සමඟ එක්ව 2025 පෙබරවාරි මස 01 දින වන අලින් පලවා හැරීමේ මෙහෙයුමක් දියත් කරන ලදී. එහිදී, වන අලින් 21 දෙනෙකු වීරලන්ද වැවෙන් මාදුරුඔය ජාතික වනෝද්‍යානය වෙත පලවා හරින ලදී.
2025-02-06 07:45:46
යුද්ධ හමුදාධිපතිතුමාගේ මඟපෙන්වීම සහ ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ අධීක්ෂණය යටතේ, අතිගරු ජනාධිපතිතුමා විසින් දියත් කරන ලද "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනට සමගාමීව, 2025 ජනවාරි මස 27 දින ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ දී නිලධාරින් 283 දෙනෙකු වෙනුවෙන් දේශනයක් පවත්වන ලදී.