Header

Sri Lanka Army

Defender of the Nation

06th February 2025 09:58:26 Hours

ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ සහ යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස් ගමගේ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2025 පෙබරවාරි මස 05 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

මීට ප්‍රථම මෙම ධූරය හෙබවූ මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස් මැදගොඩ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක ධූරය සඳහා පත්විය.