06th February 2025 07:45:46 Hours
යුද්ධ හමුදාධිපතිතුමාගේ මඟපෙන්වීම සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ, අතිගරු ජනාධිපතිතුමා විසින් දියත් කරන ලද "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනට සමගාමීව, 2025 ජනවාරි මස 27 දින ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ දී නිලධාරින් 283 දෙනෙකු වෙනුවෙන් දේශනයක් පවත්වන ලදී.
සිය දේශනය අතරතුර දී එතුමන් හමුදාව තුළ විනය කඩ කිරීම්, මත්ද්‍රව්‍ය භාවිතය සහ නායකත්වයට වගවීම පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු කරන ලදි.
එසේම යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය, හමුදා සම්ප්‍රදායන් සහ අන්‍යෝන්‍ය ගෞරවයේ වැදගත්කම අවධාරණය කළ එතුමන් තමන් යටතේ සේවය කරන නිලධාරින් සමඟ සුහඳව සම්බන්ධවෙමින් රාජකාරින්වල නියලෙන ලෙස සඳහන් කළේය. තවද, පුද්ගලික අභිලාෂයන්ට වඩා එකමුතුකම, මෙන්ම හමුදාවේ පවතින සම්ප්‍රදායන් සහ උරුමය ආරක්‍ෂා කරීමට කැපවෙන ලෙස සඳහන් කළේය.