Header

Sri Lanka Army

Defender of the Nation

06th February 2025 15:13:46 Hours

77 වන ජාතික නිදහස් දිනයට සමගාමීව දිවයින පුරා වෙරළ තීරයන් සහ මාර්ග දෙපස පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක්

77 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ තවත් අදියරක් ලෙස යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත දිවයින පුරා පිහිටි වෙරළ තීරයන් සහ මාර්ග දෙපස පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.

මීට සමගාමීව, 522 පාබල බලසේනාවේ සහ 10 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කඩ්ඩෙයිකාඩු වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 3 දින ක්‍රියාත්මක කළ අතර 23 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් සිවිල් වැසියන් සමඟ ඒකාබද්ධව පලෙයි දුම්රිය ස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්වීය.

52 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 522 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්, 23 බලඇණිය ගැමුණු හේවා බලකායේ හා 10 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරින්ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි.

මේ අතර, 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 243 පාබල බලසේනාව වෙතින් 2025 පෙබරවාරි මස 3 දින කල්ලඩි වෙරළ තීරයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. එමෙන්ම, 1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව හා 7 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා භටපිරිස් ප්‍රාදේශීය පාසල් සහ එම ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් අලිමංකඩ සිට අයියකච්චි ප්‍රදේශය දක්වා ඒ-09 මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මීට ප්‍රථම, 2025 පෙබරවාරි මස 2 දින, කල්පිටිය ප්‍රාදේශීය සභාවේ දායකත්වය මත කන්දකුලිය වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද පැවැත්විණි. ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ 57 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 143 පාබල බලසේනාව යටතේ සේවයේ නියුතු 16 සහ 17 (ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තු අණදෙන නිලධාරින් ප්‍රමුඛ 200 කට අධික භටපිරිස් ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහනට ක්‍රියාත්මක කෙරිණි.