2024-03-16 15:39:08
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ උපදෙස් මත 21 පාබල සේනාංකයේ භටපිරිස්, දිවයින පුරා වර්ණවත් පෙරහැරකින් වැඩම කරවන දීඝවාපි චෛත්‍යයේ තැන්පත් කිරීමට නියමිත සර්වඥ ධාතූන් වහන්සේලා 2024 මාර්තු මස 13 දින ගෞරවපුර්වකව හා මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදි.
2024-03-16 15:35:53
533 පාබල බලසේනාවේ 27 වන සංවත්සර දිනය නිමිත්තෙන් එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජී.ඒ.කේ.ආර් ගුණරත්න පීඑස්සී ගේ මඟපෙන් වීම යටතේ 2024 මාර්තු මස 11 දින සිට 13 දක්වා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-03-15 15:04:40
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස්හී මූලිකත්වයෙන් රුපියල් මිලියන 1.2 කට අධික වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් සහ කෘෂිකාර්මික ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 13 දින කොක්කඩිචෝලේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක කරන ලදී.
2024-03-15 15:03:44
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී 2024 මාර්තු මස 08 සිට 10 දින දක්වා කාලය තුළ ඉදිරි නඩත්තු පෙදෙස – මුලතිව්, භඨකාර්ය සම්පාදක අණසක - වන්නි, භඨකාර්ය සම්පාදක අණසක - නැගෙනහිර සහ යුද්ධ හමුදා ක්ෂේත්‍ර රෝහල - මුලතිව් පරිශ්‍රයන්හි පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් එම ප්‍රදේශයන්හි සංචාරයක නිරතවිය.
2024-03-15 15:03:16
පලිනගර් ප්‍රදේශයේ දෘශ්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් 2024 මාර්තු මස 14 දින 10 ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරු පරිශ්‍රයේදී වෛද්‍ය කඳවුරක් සංවිධානය කරන ලදී.
2024-03-15 15:01:40
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී 2024 මාර්තු මස 14 දින වවුනියාව බූ ඔය ස්ථාපිත ඉංජිනේරු බලසේනාව හා 8 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය
2024-03-15 15:00:40
නාවට්කුලි පිහිටි 11 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කේ.ජී.සී.කේ. කුඩාගමගේ ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ භට පිරිස් ලක්දරු පෙරපාසලේ ඉගෙනුම ලබන ළමුන් සඳහා 2024 මාර්තු මස 12 දින දිවා ආහාර වේලක් පිරිනමනු ලැබීය.
2024-03-14 16:19:44
බුත්තල, යුද්ධ හමුදා යුද විද්‍යාලය මඟින් පවත්වනු ලබන ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 10 හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් පිරිසක් ඉකුත් බදාදා (මාර්තු මස 13) දින ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යයන චාරිකාවක නිරතවූහ.
2024-03-14 16:16:58
මොණරාගල, මාරගලකන්ද රක්ෂිතයේ 2024 මාර්තු මස 11 දින ඇති වූ ලැව් ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීම සඳහා 18 ගැමුණු හේවා බලකායේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.
2024-03-14 16:09:40
උඩවලව ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපළේ සේවයේ නියුතු නිලධාරීන් දෙදෙනෙක් සහ සෙසුනිලයන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් 2024 මාර්තු මස 12 දින ඇඹිලිපිටිය, වවුල්පනේ රක්ෂිතයේ හටගත් ලැව්ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීමට කටයුතු කළහ.