15th March 2024 15:01:40 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී 2024 මාර්තු මස 14 දින වවුනියාව බූ ඔය ස්ථාපිත ඉංජිනේරු බලසේනාව හා 8 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.
කඳවුර වෙත සැපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති, ක්ෂේත්‍ර ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති කර්නල් එෆ්. ජෝසප් යූඑස්පී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, එහිදී, ක්ෂේත්‍ර ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති සහ මාණ්ඩලික නිලධාරීන් විසින් බලසේනාවේ සංවිධාන ව්‍යුහය, ක්ෂේත්‍ර ඉංජිනේරු කාර්යයන්, බිම්බෝම්බ ඉවත් කිරීමේ ප්‍රගතිය සහ සැපයුම් කටයුතු ආවරණය වන පරිදි සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලදී.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළ සේනාංකාධිපති තුමන් අනතුරුව, භටපිරිස් අමතමින්, ඔවුන්ගේ කාර්යභාරය සහ රාජකාරීන් ඉටු කිරීමේදී පැවෙරන වගකීම් ඉටුකිරීම පිළිබද අවධාරණය කළහ. 164 වැඩපොළ අංගනය, යාන්ත්‍රික උපකරණ අංගනය (plant machine yard) සහ K9 සුනඛ අංශය පරීක්ෂා කිරීමෙන් පසුව වැඩසටහනේ කටයුතු අවසන් විය.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද එක්ව සිටියහ.