Header

Sri Lanka Army

Defender of the Nation

15th March 2024 15:03:16 Hours

10 ශ්‍රි ලංකා පාබල හමුදාවේ මුලිකත්වයෙන් පලිනගර් හි දෘශ්‍යාබාධිතයින් සඳහා වෛද්‍ය කඳවුරක්

පලිනගර් ප්‍රදේශයේ දෘශ්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් 2024 මාර්තු මස 14 දින 10 ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරු පරිශ්‍රයේදී වෛද්‍ය කඳවුරක් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන අදියර දෙකකින් ක්‍රියාත්මක වූ අතර පලමු අදියරේ දී දෘෂ්‍යාබාධිත පුද්ගලයින් 275 දෙනෙකුගේ අක්ෂි පරීක්ෂාවට ලක් කෙරුණු අතර, දෙවන අදියරේදී ඇස් කණ්ණාඩි ලබාදීම සහ සැත්කම් සිදු කරනු ලැබීය. වෛද්‍ය පහසුකම් ලබාගැනීම සඳහා කඳවුර වෙත පැමිණි පුද්ගලයින් වෙත ආහාරපාන පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.

පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ සහ සහයවීමේ සංවිධානයේ ලේකම් ආචාර්‍ය සර්වේෂ්වරන් (Sarveswaran) මැතිතුමාගේ දායකත්වයෙන් මෙම වැඩසටහන පැවැත් වූ අතර, 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසි පීඑස්සි ගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන සඳහා අවශ්‍ය කටයුතු 10 ශ්‍රි ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් කේ.ඒ.කේ. හේවාපතගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් සිදු කරන ලදී.

මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන්, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ සහ සහයවීමේ සංවිධානයේ කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි වූහ.