Header

Sri Lanka Army

Defender of the Nation

15th March 2024 15:03:44 Hours

භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති සිය බලප්‍රදේශයේ සංචාරයක

යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී 2024 මාර්තු මස 08 සිට 10 දින දක්වා කාලය තුළ ඉදිරි නඩත්තු පෙදෙස – මුලතිව්, භඨකාර්ය සම්පාදක අණසක - වන්නි, භඨකාර්ය සම්පාදක අණසක - නැගෙනහිර සහ යුද්ධ හමුදා ක්ෂේත්‍ර රෝහල - මුලතිව් පරිශ්‍රයන්හි පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් එම ප්‍රදේශයන්හි සංචාරයක නිරතවිය.

සංචාරයේ නිරත භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපතිතුමන් එම මූලස්ථානයන්හිදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, එම මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සිය වගකීම් ක්ෂේත්‍රයන් පිළිබඳ සංචාරයේ නිරත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් දැනුවත් කළහ.

සෑම කඳවුරු පරිශ්‍රයකදීම සමූහ ඡායාරූප සඳහා පෙනීසිටි එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් ද තැබීය.

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.