Header

Sri Lanka Army

Defender of the Nation

15th March 2024 15:04:40 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස්හී මූලිකත්වයෙන් රුපියල් මිලියන 1.2 කට අධික වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් සහ කෘෂිකාර්මික ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 13 දින කොක්කඩිචෝලේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක කරන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහනේදී, ගර්භනී මාතාවන් 20 දෙනෙකු වෙත රුපියල් 7,000.00 ක පමණ වටිනාකමකින් යුත් පෝෂණ මළු සහ කොක්කඩිචෝලේ ප්‍රදේශවාසීන් වෙත පොල් පැළ 500 ක්, දෙමුහුන් බීජ පාර්සල් 120 ක්, පොහොර බෑග් 120 ක් ඇතුළු කෘෂිකාර්මික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් බෙදාදෙනු ලැබීය. නවීන කෘෂිකාර්මික ක්‍රමවේදයන් පිළිබඳ අධ්‍යාපනික දැනුවත් කිරීමක්ද මෙම වැඩසටහනට සමගාමීව සිදුකෙරිණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්නගේ මඟපෙන්වීම සහ ‘Silvermill & Vitacoco’ පදනම හා එහි නිලධාරින්, මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම්. අබේසේකර (විශ්‍රාමික) ආර්එස්පී වීඑස්වී යූඑස්පී, දිලන්ති රණවීර මහත්මිය සහ දිනේෂ් සිල්වා මහතා ගේ සහයෝගය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.සී.එස්. කුමාරසිංහ සහ 11 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහනේ සංවිධාන කටයුතු සිදුකෙරිණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහභාගී වූ අතර මෙතෝදිස්ත ක්‍රිස්තියානි දේවස්ථානයේ රදගුරු එබනේසර් ජෝශප් පියතුමා සහ කොක්කඩිචෝලි ප්‍රාදේශීය ලේකම් එම්.එම්. සුදාහර් මහතා ද එක්වූහ.

මෙම අවස්ථාව සඳහා 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගී වූහ.