2024-05-13 19:29:54
සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් එස්.ඒ හෙට්ටිගේ ආර්එස්පී පීඑස්සී එම ආයතනයේ පැවති කෙටි උත්සවයකදී 2024 මැයි මස 10 දින 15 වන සේනාවිධායකවරයා ලෙස ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
2024-05-13 19:27:18
4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ 37 වන සංවත්සර දිනය එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් පී.කේ වරුවන්ගොඩගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 29 දින යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැත් වූහ.
2024-05-11 17:33:03
‘Ride with Pride’ පාපැදි සවාරිය 2024 අප්‍රේල් මස 28 දින ගාලුමුවදොර පිටියෙන් ආරම්භ වූ අතර යුද්ධ හමුදා නිලධාරීන්ගේ සහ සෙසුනිලයන්ගේ අත්පොලසන් හඬ මධ්‍යයේ 2024 මැයි මස 11 දින කිලෝමීටර් 1247 ක දුරකින් යුක්ත වූ එම පාපැදි සවාරිය ගාලුමුවදොර පිටියේදී සාර්ථකව අවසන් විය.
2024-05-10 16:18:29
රණවිරු ඇපරල් කළමණාකරණ අධ්යක්ෂ මණ්ඩල සාකච්ඡාව යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 3 දින පැවැත්විණි.
2024-05-10 16:15:01
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘අන්තර් රෙජිමේන්තු සරඹ හා පියවර කෝදු තරඟාවලිය - 2024’ හි ත්‍යාග ප්‍රධානෝත්සවය කලත්තෑව, සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේදී 2024 මැයි මස 03 දින පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.කේ.ටී. ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී සහභාගී විය.
2024-05-10 16:11:42
හිඟවෙමින් පවතින මුලතිව් මහ රෝහල් රුධිර බැංකුවේ රුධිර සංචිත නැවත සපුරාලීමේ අරමුණින් 64 පාබල සේනාංකය සහ 642 පාබල බලසේනාව සමඟ එක්ව 2024 මැයි මස 06 දින එම සේනාංක මූලස්ථානයේ දී රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-05-09 18:11:00
යුද්ධ හමුදා මූලස්ථානයේ, පාබල හමුදා අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ජෙනරාල් වශයෙන් ගැමුණු හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී 2024 මැයි මස 08 දින ධූරයේ රාජකාරි භාරගත්තේය.
2024-05-09 18:05:41
අධ්යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, 2024 මැයි මස 03 දින 5 සහ 11 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවන්හි රාජකාරියේ නියුතු භටපිරිස්හි සුභසාධන පහසුකම් පිළිබඳව සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
2024-05-09 18:03:25
7 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් ‘අත හිත - 2024’ වැඩසටහනේ කොටසක් වශයෙන් 2024 මැයි මස 04 දින කැකිරාව, මැදගම ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2024-05-09 18:02:25
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, 2024 මැයි මස 07 දින මත්තේගොඩ පිහිටි ඉංජිනේරු සේනාංකයේ නිල සංචාරයක නිරත වූයේය.