Header

Sri Lanka Army

Defender of the Nation

09th May 2024 18:11:00 Hours

පාබල හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ, පාබල හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් වශයෙන් ගැමුණු හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී 2024 මැයි මස 08 දින ධූරයේ රාජකාරි භාරගත්තේය.

ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.

මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම එතුමන් 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරය හෙබවීය.

මෙම අවස්ථාව සඳහා පාබල හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.