Header

Sri Lanka Army

Defender of the Nation

10th May 2024 16:11:42 Hours

64 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

හිඟවෙමින් පවතින මුලතිව් මහ රෝහල් රුධිර බැංකුවේ රුධිර සංචිත නැවත සපුරාලීමේ අරමුණින් 64 පාබල සේනාංකය සහ 642 පාබල බලසේනාව සමඟ එක්ව 2024 මැයි මස 06 දින එම සේනාංක මූලස්ථානයේ දී රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන සාර්ථක කරගැනීම වෙනුවෙන් එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 104 දෙනෙකු සිය දායකත්වය දැක්වූහ.