Header

Sri Lanka Army

Defender of the Nation

09th May 2024 18:05:41 Hours

ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක ඒකක නිල සංචාරයක

අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, 2024 මැයි මස 03 දින 5 සහ 11 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවන්හි රාජකාරියේ නියුතු භටපිරිස්හි සුභසාධන පහසුකම් පිළිබඳව සොයා බැලීම සඳහා නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

කඳවුරු පරිශ්‍රයන් වෙත සපැමිණි කර්නල් සේනාවිධායකතුමන් වෙත 5 සහ 11 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවන්හි භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරයන් පිරිනැමූහ. ඉන් අනතුරුව එම ඒකකයන්හි අණදෙන නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. පසුව, අණදෙන නිලධාරීන් විසින් එම ඒකකයන් වල කාර්යභාරය,ඉදිකිරීම් ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ භටපිරිස්හි හා ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන සුබසාධන කටයුතු පිළිබඳව දැනුවත් කරන ලදී.

එම සංචාරයන් සනිටුහන් කරමින්, කර්නල් සේනාවිධායකතුමන් එම ඒකකයන්හි නිලධාරීන් සමඟින් සමූහ ඡායාරූප සඳහාද පෙනී සිටි අතර, කඳවුරු පරිශ්‍රයන්හි පැළ රෝපණය කිරීමක්ද සිදු කරන ලදී. අනතුරුව එතුමන් එම ඒකකයන්හි නිලධාරීන් සහ සෙසු නිලයින් අමතමින් ඒකකවල කාර්යය භාරයන් නිවැරදිව සිදුකිරීම සඳහා භටපිරිස් හි හමුදා විනය සහ සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කරණ ලදී. මෑත කාලීන සිදුවන රථවාහන අනතුරු වලක්වා ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමින් රථවාහන විනය පවත්වා ගන්නා ලෙස එතුමන් වැඩිදුරටත් පවසන ලදී.

සංචාරයන් සමාප්තියේදී එතුමන් එම ඒකකයන්හි අමුත්තන්ගේ සමරු සටහන් පොත්හි සටහන්ද තැබීය. මෙම අවස්ථාවට ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.එල් මුණසිංහ යූඑස්පී ද සහභාගී විය.