Header

Sri Lanka Army

Defender of the Nation

09th May 2024 18:02:25 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මත්තේගොඩ ඉංජිනේරු සේනාංකයේ නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, 2024 මැයි මස 07 දින මත්තේගොඩ පිහිටි ඉංජිනේරු සේනාංකයේ නිල සංචාරයක නිරත වූයේය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි බලකාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

බලකාධිපතිතුමන් ඉංජිනේරු සේනාංකය, 5 කාරක ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව, 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ටික ප්‍රතිචාර රෙජිමේන්තුව, සහ 16 ශ්‍රී ලංකා ඉංජිනේරු වැඩපළ රෙජිමේන්තුවෙහි සංචාරයේ නිරත වීමෙන් අනතුරුව Sappers’ Leisure Bay සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් පී.පී.ඒ පෙරේරා එච්ඩීඑම්සී පීඑස්සී, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක, ඉංජිනේරු සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.