2024-06-25 08:04:06
පොසොන් උත්සවයට සමගාමීව 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්ෂණය යටතේ භටපිරිස් විසින් සෙල්ලකතරගම, ගෝතමීගම ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් සඳහා ජල අවශ්‍යතා වෙනුවෙන් ඉදිකරදුන් ළිඳක් එම ප්‍රථිලාභීන් වෙත පසුගියදා භාරදෙන ලදී.
2024-06-25 07:57:49
සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීමකට අනුව එම විහාරස්ථානයේ මූලික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් 12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ දී ශ්‍රමදාන වැඩසටනක් ක්‍රියාත්මක කරණ ලදී.
2024-06-25 07:53:33
පොසොන් පොහොය වෙනුවෙන් ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී කාරියවසම් ගේ අධීක්ෂණය යටතේ 4 ගැමුණු හේවා බලකාය විසින් ජුනි 21 දින උන්නච්චිය වැව පරිශ්‍රයේදී බත් දන්සැලක් සංවිධානය කරන ලදී.
2024-06-25 07:52:26
පොසොන් පොහොය දිනට සමගාමීව බුද්ධංගල විහාරස්ථානය මගින් එම විහාරස්ථාන පරිශ්‍රයේදී ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් 2024 ජුනි මස 21 සිට 23 දින දක්වා සංවිධානය කරන ලදී. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්ෂණය යටතේ මෙම උත්සවය පවත්වන ලදී.
2024-06-25 07:46:49
මෙම පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් 12 පාබල සේනාංකයේ භටපිරිස් ‘ස්ථූපය’ පින්තාරු කිරීම, උත්සවයට පෙර සහ පසුව විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීම, දන්සැලේ ආහාර පිළියෙල කිරීමට සහාය වීම, සති පිරිත් දේශණය සඳහා වැඩම කල මහා සංඝ රත්නය වෙනුවෙන් මුතුකුඩ එසවීම, පෙරහැර වෙනුවෙන් 24 දෙනෙකුගෙන් යුත් ‘සේසත්’ කණ්ඩායමක් ලබාදීම, පෙරහැරේ අවසන් දිනයේදී යුද්ධ හමුදා ‘වෙස්’ නැටුම් කණ්ඩායමක් සහභාගී කරවීම ඇතුළු විවිධ කටයුතු වල නිරත වූහ.
2024-06-24 22:15:42
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් පොසොන් පොහොය දිනය යෙදී තිබූ ජුනි මස 21 දින වැලිකන්ද නගරයේදී කොස්, කඩල සහ මඤ්ඤොක්කා දන්සලක් පවත්වනු ලැබීය.
2024-06-24 22:06:46
ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීමකට අනුව 241 පාබල බලසේනාවේ භටපිරිස් විසින් එම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් සිය ශ්‍රම දායකත්වය ලබා දුන්හ. 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන් පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත සිදුකෙරුණු මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අක්කරෙයිපත්තුව වෙළද සංගමයේ සභාපති ඒ අබ්දුල් සලාම් මහතා මුල්‍ය අනුග්‍රහකත්වය ලබා දුන්හ.
2024-06-24 22:04:49
ශ්‍රී ලංකා කරාතේ-දෝ සම්මේලනය මගින් සංවිධානය කළ විවෘත කරාතේ ශූරතාවලිය - 2024, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී 2024 ජූනි මස 16 දින පැවැත්විණ. ඒ සඳහා යුද්ධ හමුදා කරාතේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ.
2024-06-24 22:02:29
පොසොන් පොහොය දිනයට සමගාමීව, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් 2024 ජුනි මස 21 දින කෙසෙල්තුඩුව කඳවුර අසල දන්සැලක් (බනිස් සහ තේ) සංවිධානය කරන ලදී. මෙම දන්සැලට විශාල පිරිසක් සහභාගි වූහ.
2024-06-23 16:54:32
උදා වූ පොසොන් පොහොය දිනයට සමගාමීව යාපනය ශික්ෂණ රෝහලේ අක්ෂි රෝග ඒකකය විසින් 2024 ජුනි මස 21 දින පුණ්‍ය වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.