Header

Sri Lanka Army

Defender of the Nation

24th June 2024 22:04:49 Hours

විවෘත කරාතේ ශූරතාවලිය - 2024 දී යුද්ධ හමුදාවට රන් පදක්කම් 05ක් සමඟින් ජයග්‍රහණ රැසක්

ශ්‍රී ලංකා කරාතේ-දෝ සම්මේලනය මගින් සංවිධානය කළ විවෘත කරාතේ ශූරතාවලිය - 2024, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී 2024 ජූනි මස 16 දින පැවැත්විණ. ඒ සඳහා යුද්ධ හමුදා කරාතේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ.

තරඟාවලියේදී විවිධ කාණ්ඩ ඔස්සේ තරඟ වැදුණු යුද්ධ හමුදා ක්‍රීඩකයින් රන් පදක්කම් 05ක්, රිදී පදක්කම් 05ක් සහ ලෝකඩ පදක්කම් 08ක් දිනාගැනීමට සමත් වූ අතර, කාන්තා ක්‍රීඩිකාවන්ද එක් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02ක් හිමිකර ගනිමින් කැපී පෙනෙන දක්‍ෂතා පෙන්නුම් කිරීමට සමත් වූහ.