Header

Sri Lanka Army

Defender of the Nation

23rd June 2024 16:54:32 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය පොසොන් පොහෝ දින පුණ්‍ය වැඩසටහනකට සහභාගී වෙයි

උදා වූ පොසොන් පොහොය දිනයට සමගාමීව යාපනය ශික්‍ෂණ රෝහලේ අක්‍ෂි රෝග ඒකකය විසින් 2024 ජුනි මස 21 දින පුණ්‍ය වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය. අක්‍ෂි රෝග ඒකකයේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි ආඥාපතිතුමන් එම රෝහලේ විශේෂඥ අක්‍ෂි ශල්‍ය වෛද්‍ය එම්. මලරාවන් මහතා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

අනතුරුව, සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වමින් රෝහලේ අක්‍ෂි රෝග ඒකකයේ කාර්යය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද පොසොන් දන්සැල විවෘත කළේය.

මෙහිදී, හදිසි අවස්ථාවන්හීදී ආරක්‍ෂක අංශවල දායකත්වය කඩිනමින් ලබාදීම පිළිබඳව සහ ඔවුන් සම්බන්ධීකරණය කිරීම සම්බන්ධයෙන් රෝහල් කාර්යය මණ්ඩලය සමඟින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සුහඳ පිළිසඳරක ද නිරත විය.

මෙම අවස්ථාවට උතුරු පළාත් ප්‍රධාන ලේකම් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ රෝහල් කාර්යය මණ්ඩලය සහභාගී වූහ.