Header

Sri Lanka Army

Defender of the Nation

25th June 2024 08:04:06 Hours

යුද්ධ හමුදා භටපිරිස් සෙල්ලකතරගම ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් සඳහා ළිඳක් ඉදිකර දෙයි

පොසොන් උත්සවයට සමගාමීව 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් සෙල්ලකතරගම, ගෝතමීගම ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් සඳහා ජල අවශ්‍යතා වෙනුවෙන් ඉදිකරදුන් ළිඳක් එම ප්‍රථිලාභීන් වෙත පසුගියදා භාරදෙන ලදී.

වතුරාව රජමහා විහාරාධිපති දෙනගම ධම්මරතන හිමියන්ගේ මූලිකත්වයෙන් උත්සවයේ කටයුතු ආරම්භ කරනු ලැබූ අතර, 12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සම්බන්ධීකරණයෙන් ‘සෙත් සදන මග සමාජ සත්කාර’ සංවිධානයේ නිර්මාතෘ සහ සභාපති රජිත් තෙන්නකෝන් මහතාගේ මූල්‍යමය දායකත්වය මත මෙම ව්‍යපෘතිය සිදුකරනු ලැබිණි.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයින් සහ ගම්වාසීන් පිරිසක් ද සහභාගි වූහ.