2025-03-02 14:09:48
කතිරවේලි, පුදුර් හි පිහිටි සරස්වතී පෙර පාසල, පුදුර් ගම්මානයේ ළමුන් 41 දෙනෙකුට මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනය ලබා දෙන අතර, වසර 16 ක් මුළුල්ලේ සේවයේ නියුතු විශිෂ්ට ගුරුවරියක් ඇතුළු තුන් දෙනෙකුගෙන් යුත් ගුරු මඩුල්ලකින් සමන්විත මෙම පෙර පාසල මඟින් බොහෝ සිසුන් උසස් අධ්‍යාපනය සඳහා යොමු කිරීමට මූලික කාර්යභාරයක් ඉටුකර ඇත.එසේ වුවද එම පෙර පාසලේ අධ්‍යාපන කටයුතු සිදුකිරීමේදී පුටුමේස, ජල පද්ධති සහිත නිසි සනීපාරක්ෂක පහසුකම්, ගොඩනැගිලි නඩත්තුව සහ මුළුතැන්ගෙය වැනි අත්‍යාවශ්‍ය සම්පත් වල හිඟතාවයකට මුහුණ දී තිබේ.
2025-02-27 15:25:06
මොණරාගල, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සිදුකරන ලද ඉල්ලීමකට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් 18 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් 2025 පෙබරවාරි මස 24 දින මොණරාගල, හේනවල කන්ද රක්ෂිතයේ ඇති වූ ලැව්ගින්නක් මැඩපැවැත්වූහ.
2025-02-27 15:23:43
යුද්ධ හමුදා සුභසාධන අධ්යක්ෂ මණ්ඩලයේ 40 වන අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා සංඥා බලකායේ බ්‍රිගේඩියර් ජී.සී.වී ප්‍රනාන්දු ndc, යුද්ධ හමුදා මූලස්ථානයේදී 2025 පෙබරවාරි මස 21 දින ආගමික ආශිර්වාද සහ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි භාර ගත්තේය.
2025-02-27 15:22:02
භටපිරිස්හි චිත්ත ධෛර්යය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් 1 බලකායේ බලකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ 2025 පෙබරවාරි මස 25 දින එම බලකායේ නෙළුම් පියස සම්මන්ත්රණ ශාලාවේදී දේශන මාලාවක් පැවැත්විණි.
2025-02-26 16:42:32
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය වෙතින් ගාල්ල ප්‍රදේශයේ ස්ථාපිත ‘සැනසුම’ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඍජුකාරක හා අංගාදේශක කාර්මිකාගාරයේදී 2025 ජනවාරි මස 25 දින වෛද්‍ය කඳවුරක් පැවැත්වීය. II වන අදියර යටතේ පවත්වනු ලැබූ මෙම වෛද්‍ය කඳවුර මඟින් දකුණු පළාතේ වෙසෙන රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් සපුරාලීම සිදුකරනු ලැබීය.
2025-02-26 16:42:18
කොළඹ, යුද්ධ හමුදා රෝහලේ කළමනාකරණ සහ නඩත්තු අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.අයි.එස් මැන්දිස් RSP USP 2025 පෙබරවාරි මස 24 දින ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
2025-02-26 16:32:49
23 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 23 දින පලෙයි රෝහලේ රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2025-02-26 16:30:15
10 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 24 දින මන්තෙයි, තිරුකේෂ්වරම් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
2025-02-26 16:26:56
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ‘සුන්දර වෙරළ තීරයක් සහ ආකර්ශනීය සංචාරක ගමනාන්තයක්’ යන තේමාව යටතේ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් පූනරින් සහ අලිමංකඩ වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 23 දින ක්‍රියාත්මක කරනු ලැබූ අතර, ඒ සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත, භටපිරිස් සිය සහයෝගය ලබාදුන්හ.
2025-02-25 15:15:42
උපවාස සමය සඳහා සූදානම් වන මුස්ලිම් වැසියන්ට සහයෝගය දැක්වීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් 2025 පෙබරවාරි මස 24 දින හපුතලේ, දියතලාව සහ කහගොල්ල යන ප්‍රදේශයන්හි පිහිටි මුස්ලිම් පල්ලි වෙත රටඉඳි බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.