26th February 2025 16:42:32 Hours
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් ගාල්ල ප්‍රදේශයේ ස්ථාපිත ‘සැනසුම’ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඍජුකාරක හා අංගාදේශක කාර්මිකාගාරයේදී 2025 ජනවාරි මස 25 දින වෛද්‍ය කඳවුරක් පැවැත්වීය. II වන අදියර යටතේ පවත්වනු ලැබූ මෙම වෛද්‍ය කඳවුර මඟින් දකුණු පළාතේ වෙසෙන රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් සපුරාලීම සිදුකරනු ලැබීය.
මෙම වෛද්‍ය කඳවුර තුළදී විශේෂයෙන් කෘතිම දෑත් සහ පාද හෝ ශල්‍ය උපකරණ අවශ්‍යතාවයන්ගේ යුත් රණක්‍ෂිතයට පත් රණවිරුවන් 300 දෙනෙකු වෙත මෙම පරිත්‍යාගයන් සිදුකරන ලදී. එසේම එහිදී, සෞඛ්‍ය උපදේශන, කෘතීම පාද නඩත්තු කිරීම, මානසික සෞඛ්‍ය උපදේශන සහ අවශ්‍යතාවයන් සහිත පුද්ගලයින් වෙනුවෙන් ආහාර ලබාදීම සබැඳි උපදෙස් ලබාදීම ඇතුළු සේවාවන් ද සපයන ලදී. මෙම වැඩසටහනට සමගාමීව, එම පරිශ්‍රයේදී චර්ම රෝග සහ දන්ත සේවා සඳහා විශේෂඥ සායනයක් ද පැවැත්විණි.