27th February 2025 15:25:06 Hours
මොණරාගල, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සිදුකරන ලද ඉල්ලීමකට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් 18 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් 2025 පෙබරවාරි මස 24 දින මොණරාගල, හේනවල කන්ද රක්‍ෂිතයේ ඇති වූ ලැව්ගින්නක් මැඩපැවැත්වූහ.
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එස්.එන් හේමරත්න RWP RSP psc ගේ උපදෙස් මත 18 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් 25 කට අධික පිරිසක් මෙම මෙහෙයුමේ නිරත වූහ.