2017-04-25 14:14:11
සියලුම ජාතින් අතර සාමය හා සංහිඳියාව ඇතිකරලිමේ අරමුණින් යුතුව 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධනගේ මඟපෙන්විම යටතේ සංවිධානය කරන ලද සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවය මුලන්කාවිල් මහජන ක්‍රිඩාංගනයේ දී පවත්වනු ලැබිය.
2017-04-25 13:46:32
දියතලාව යුද්ධ හමුදා විද්‍යාපිඨය මඟින් පැවැත්වු ‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් - 2017’ වාර්ෂික මෝටර් රථ ධාවන තරඟාවලිය සෙනසුරාදා (22) දින දියතලාවේ දි අවසන් වු අතර, මෙම වසරේ හොඳම මෝටර් රථ ධාවකයා ලෙස ආශන් සිල්වා ත් හොඳම යතුරුපැදි ධාවකයා ලෙස ඉෂාන් දසනායක ත් සම්මාන ලැබිය.
2017-04-21 19:12:16
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ සම්බන්ධිකරණයෙන් සඳුදා (17) දින යාපනය, නල්ලූර් Five Square ළමා නිවාසයේ ළමුන් සඳහා ‘නාට්‍ය හා රංගකලාව’ පිළිබඳ වැඩමුළුවක් පැවැත් වූ අතර.....
2017-04-21 19:00:45
ත්‍රිකුණාමලය, කෙසෙල්තුඩුව ප්‍රදේශයේ පිහිටි 22 වන සේනාංකයේ භට පිරිස් විසින් සීඝ්රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු උවදුර මැඩලීම සඳහා මාර්තු මස 15 සිට 22 දක්වා එම ප්‍රදේශයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
2017-04-20 09:03:14
ශ්‍රී ලංකාවේ පිහිටි ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් අසුහිරෝ මොරෝරේ බදාදා (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
2017-04-19 17:30:16
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර, අප්‍රේල් මස 17 සහ 18 යන දිනයන්හි රන්ගිරි උල්පත රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අහුන්ගල්ලේ ශ්‍රී සීලවිසුද්ධි ස්වාමින් වහන්සේ සහ නැගෙනහිර පලාත් ආණ්ඩුකාර ඕස්ටින් ප්‍රනාන්දු මහතා හමුවිය.
2017-04-19 10:00:55
ශ්‍රී ලංකා සංඥා බලකායේ නව කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ. විජේසිංහ සඳුදා (17) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථාන කාර්යාලයේ දී රාජකාරි භාරගන්නා ලදි.
2017-04-19 09:56:54
වසර 35 ක යුද්ධ හමුදා සේවා කාලය සම්පූර්ණ කරමින් විශ්‍රාම යන ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේ.ආර්.පි. රොවෙල් වෙත එම බලකායේ භට පිරිස් විසින්......
2017-04-19 06:52:29
අම්පාර පිහිටි සටන් පුහුණු පාසලේ භට පිරිස් බදාදා (19) දින එම පුහුණු පාසල් ක්‍රීඩාංගණයේ දී බක්මහ උළෙලක් පැවැත් වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අම්පාර, සටන් පූහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩි.එම්.එස්. දිසානායක සහභාගි විය.
2017-04-19 06:52:28
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් සිකුරාදා (14) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ක්‍රීඩාංගණයේ දී නව අවුරුදු උත්සවය සැමරු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර සහභාගි වන ලදි.