Header

Sri Lanka Army

Defender of the Nation

19th April 2017 09:56:54 Hours

නික්මයන කර්නල් සේනාවිධායක වෙත ශ්‍රී ලංකා සංඥා බලකායේ ආචාරය

වසර 35 ක යුද්ධ හමුදා සේවා කාලය සම්පූර්ණ කරමින් විශ්‍රාම යන ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේ.ආර්.පි. රොවෙල් වෙත එම බලකායේ භට පිරිස් විසින් සෙනසුරාදා (15) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී සමුගැනීමේ උත්සවයක් සංවිධානය කරන ලදි.

එහි පැමිණි මේජර් ජෙනරාල් කේ.ආර්.පි. රොවෙල් වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිමත් සමඟින් එදින උත්සවය ආරම්භ කළ අතර, අනතුරුව එතුමන් විසින් සංඥා බලකා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්විම ද සිදු කළහ. තවද එහිදි සංඥා පුහුණ පාසල ඇතුලු සංඥා බලකායේ සියලුම නිත්‍ය සහ ස්වේච්ඡා ඒකකයන්හි භට පිරිස් විසින් සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය.

එමෙන්ම, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් ඇමතීම, බලලත් නිලධාරි සහ සැරයන් නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයට සහභාගිවීම, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම, සියලු නිල දිවා භෝජන සංග්‍රහයට සහභාගිවීම සහ තම රාජකාරීන් භාරදීම ද නික්ම යන කර්නල් සේනාවිධායක විසින් මෙහිදි සිදු කළහ.

latest Running | Releases Nike Shoes