Header

Sri Lanka Army

Defender of the Nation

21st April 2017 19:00:45 Hours

ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා 22 වන සේනාංකයේ සහාය

ත්‍රිකුණාමලය, කෙසෙල්තුඩුව ප්‍රදේශයේ පිහිටි 22 වන සේනාංකයේ භට පිරිස් විසින් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු උවදුර මැඩලීම සඳහා මාර්තු මස 15 සිට 22 දක්වා එම ප්‍රදේශයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරී කාර්යාලය සහ 22 වන සේනාංක මූලස්ථානය එක්ව කින්නියා සහ උප්පූවේලී යන ග්‍රාමසේවා කොට්ඨාශ බලප්‍රදේශ ආවරණය වන පරිදි මෙම ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කළහ.

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.පි.ඒ. ජයසේකරගේ මඟපෙන්විමෙන් නිලධාරීන් 20 ක් සහ සෙසු නිලයින් 300 කගේ සහභාගීත්වයෙන් පැවැත් වූ මෙම වැඩසටහනේ දී නිවාස 250කට වැඩි ප්‍රමාණයක් ඩෙංගු අවධානමක් ඇද්දැයි පරික්ෂා කරනු ලැබීය.

latest Nike release | adidas Campus 80s South Park Towelie - GZ9177