2017-10-09 19:45:36
යුද්ධ හමුදා මූලස්ථානයේ ආධුණිකයින් බඳවා ගැනීමේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට පිරිමි සහ කාන්තා සෙසු නිලයින් බඳවා ගැනීම දැන් ආරම්භ කර ඇත. යුද්ධ හමුදාවේ විවිධ වෘත්තිමය අංශයන්හි රාජකාරි සඳහා බැඳීමට අපේක්ෂා කරන අයවළුන් දිවයින පුරා පිහිටි හමුදා රෙජිමේන්තු මූලස්ථානයන් ....
2017-10-08 17:05:26
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 643 වන බලසේනාවේ භටපිරිස් විසින් මුලතිව් ‘අන්පු ළමා නිවාසයේ’ ළමුන් සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ‘ලෝක ළමා දිනය’ ට සමගාමීව විශේෂ දිවා භෝජන සංග්‍රහයක් මෑතකදි පිරිනමනු ලැබීය.
2017-10-08 17:00:49
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 522 වන බලසේනාවට අයත් 26 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් විසින් ‘ලෝක ළමා දිනයට සමගාමීව කරම්පහම් රජයේ දමිළ මිශ්‍ර පාසලේ ළමුන් 26 දෙනෙකු සහ විනයාගර් පෙර පාසලේ ළමුන් 20 දෙනෙකු වෙනුවෙන් පාසල් පොත්පත් උපකරණ පරිත්‍යාග කරන ලදී.
2017-10-08 16:53:34
සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන මඟින් ක්‍රියාත්මක ඇස්කණ්නාඩි බෙදාදීමේ වැඩසටහනේ තවත් අදියරක් සිකුරාදා (05) දින නවගත්තේගම, රලපනාව ප්‍රාථමික විද්‍යාලයේ දී පවත්වනු ලැබීය.
2017-10-06 20:55:27
‘යුද්ධ හමුදා පැරා ක්‍රීඩා තරඟාවලිය - 2017’ හෝමාගම, දියගම ක්‍රීඩාංගනයේදී නොවැම්බර් මස 22 සිට 24 දින දක්වා පැවැත්වීමට නියමිත අතර, එහිදී රට වෙනුවෙන් යුද වැදී නොයෙකුත් ආබාධිත තත්ත්වයන්ට පත්වු රණවිරුවන් තම ක්‍රීඩා කුසලතාවයන් විවිධ ක්‍රීඩා ඉසව්හිදි ප්‍රදර්ශනය කරනු ඇත.
2017-10-06 20:48:22
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සාමාජිකයින් පසුගියදා කයිතඩි ‘ශාන්ති නිලයම්’ වැඩිහිටියන් සඳහා වූ රජයේ නිවාසයේ සංචාරයක් සිදුකර එහිදි එම වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් වෙත කෑම බීම ආදියෙන් සංග්‍රහ කළ අතරම කැලිප්සෝ සංගීතමය අත්දැකීමක්ද ලබාදෙන ලදි.
2017-10-06 20:45:51
යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක අධ්යක්ෂ මණ්ඩලය විසින් ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳව තවත් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඔක්තෝබර් මස 2 - 4 යන දිනයන්හීදි කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේදී පවත්වන ලදි.
2017-10-06 20:43:22
2017 සැප්තැම්බර් 29 දින සිට ඔක්තෝබර් 3 යන දිනයන්හි රුසියාවේ, කසාන් (Kazan) නුවර පිහිටි ජිම්නාස්ටික් පැලස් (Gymnastics Palace) හිදි පවත්වන ලද 14 වන ලෝක වූෂු ශුරතා තරඟාවලියේදි ‘සැන්ඩා’ (Sanda) කාණ්ඩයේ කිලෝග්‍රෑම් 48 බර පන්තිය යටතේ වූ තරඟයේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාව නියෝජනය කල ශ්‍රී ලංකා යුද්ධ හමුදා වූෂු ක්‍රීඩක කෝප්රල් ලක්ෂමන් ගුණසේකර දිනාගැනීමට සමත්විය.
2017-10-04 16:04:40
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ 523 වන බලසේනාව යටතේ රාජකාරි ඉටුකරනු ලබන යාපනය 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් යාපනයේ චාවකච්චේරි, ඩ්රියර්බර්ග් විද්‍යාලයේ (Drieberg College) ගොඩනැගිලි දෙකක වහලවල් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඔවුන්ගේ සහාය ලබාදෙන ලදි.
2017-10-03 22:51:16
කොළඹ, ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදී ශීෂ්‍ය සංගමය සහ 522 වන බලසේනාවේ භට පිරිස් එක්ව ‘ලෝක ළමා දිනයට’ සමගාමීව යාපනය, අච්චුවේලි පිහිටි සරස්වති විද්‍යාලයේ සිසුන් වෙත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ඉරිදා (01) දින පවත්වනු ලැබීය.