Header

Sri Lanka Army

Defender of the Nation

06th October 2017 20:45:51 Hours

මනෝවිද්‍යාත්මක අධ්‍යක්ෂ මණ්ඩලයෙන් කිලිනොච්චියේදී දැනුවත් කිරීමේ වැඩසටහනක්

යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳව තවත් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඔක්තෝබර් මස 2 - 4 යන දිනයන්හීදි කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේදී පවත්වන ලදි.

මෙම ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ වැඩසටහන් මාලාව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු සියළුම භටපිරිස් හට සැසිවාර දෙකක් යටතේ පවත්වන ලද මෙම තුන්දින වැඩසටහන සඳහා 57, 66 සහ 65 වන සේනාංක මූලස්ථාන සහ කිලිනොච්චිය ඉදිරි ආරක්ෂක පෙදෙසේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් 1700ක සහභාගි වු අතර, මෙම වැඩසටහන කිලිනොච්චි නෙලුම් පියස ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන සඳහා දේශණ සහාය ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සුචින්ත දසුන් මහතා සහ සුපුන් උදාන මහතා විසින් ලබාදෙන ලදී.

affiliate link trace | adidas Yeezy Boost 350