08th October 2017 16:53:34 Hours
සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන මඟින් ක්‍රියාත්මක ඇස්කණ්නාඩි බෙදාදීමේ වැඩසටහනේ තවත් අදියරක් සිකුරාදා (05) දින නවගත්තේගම, රලපනාව ප්‍රාථමික විද්‍යාලයේ දී පවත්වනු ලැබීය.
යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ඊ.එම්.ආර්.බී.ටි. හත්නාගොඩ සම්බන්ධිකරණයෙන් කැන්ඩි ඔප්ටිකල්ස් (පුද්) ආයතනයේ වෛද්‍ය නිමල් වීරකොන් ඇතුලු කාර්ය මණ්ඩලය විසින් මෙම ජංගම අක්ෂි සායනය පැවැත් වූ අතර, මෙහිදි අඩුආදායම්ලාභී 167 දෙනෙකු වෙත ඇස්කණ්ණාඩි බෙදාදෙනු ලැබීය.
යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සෙසුනිලයින් සහ ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරින් ඇතුළු කැන්ඩි ඔප්ටිකල්ස් (පුද්) ආයතනයේ කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
අනතුරුව, රාජාංගනය මහසෙන් විද්‍යාලයේ විදුහල්පති විසින් සාලියවැව, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් හන්දුල හත්නාගොඩ ගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන මඟින් ක්‍රියාත්මක ඇස්කණ්නාඩි බෙදාදීමේ වැඩසටහනේ තවත් අදියරක් ලෙස දෘෂ්‍යාබාධිත සිසුන් 10 දෙනෙකු වෙත නොමිලේ ඇස් කණ්නාඩි පරිත්‍යාග කිරීමට කටයුතු කළහ.
ඒ අනුව කැන්ඩි ඔප්ටිකල්ස් (පුද්) ආයතනයේ වෛද්‍ය නිමල් වීරකොන් ඇතුලු කාර්ය මණ්ඩලය විසින් මෙම ජංගම අක්ෂි සායනය පැවැත් වූ අතර, එහිදි දෘෂ්‍යාබාධිත සිසුන් 10 දෙනෙකු වෙත ඇස්කණ්ණාඩි බෙදාදෙනු ලැබීය.
රාජාංගනය මහාසෙන් විද්‍යාලයේ දී අඟහරුවාදා (03) දින පැවැති මෙම ඇස් කණ්නාඩි බෙදාදිමේ උත්සවය සඳහා යුද්ධ හමුදා නිලධාරින්, විද්‍යාලයේ විදුහල්පති සහ ගුරුවරුන් රැසක් සහභාගි වූහ.
url clone | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!