Header

Sri Lanka Army

Defender of the Nation

06th October 2017 20:43:22 Hours

රුසියාවේ පැවති 14 වන ලෝක වුෂු ශූරතා තරඟාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් යුද්ධ හමුදා වූෂු ක්‍රීඩක ලෝකඩ පදක්කම දිනාගනී

2017 සැප්තැම්බර් 29 දින සිට ඔක්තෝබර් 3 යන දිනයන්හි රුසියාවේ, කසාන් (Kazan) නුවර පිහිටි ජිම්නාස්ටික් පැලස් (Gymnastics Palace) හිදි පවත්වන ලද 14 වන ලෝක වූෂු ශුරතා තරඟාවලියේදි ‘සැන්ඩා’ (Sanda) කාණ්ඩයේ කිලෝග්‍රෑම් 48 බර පන්තිය යටතේ වූ තරඟයේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාව නියෝජනය කල ශ්‍රී ලංකා යුද්ධ හමුදා වූෂු ක්‍රීඩක කෝප්‍රල් ලක්ෂමන් ගුණසේකර දිනාගැනීමට සමත්විය.

මෙම රුසියානු ලෝක වූෂු ශූරතා තරඟාවලිය සඳහා ලෝකයේ විවිධ රටවල් 39 කින් තරඟකරුවන් 300 දෙනෙකු සහභාගී වූහ.

යුද්ධ හමුදා වූෂු කමිටුවේ සභාපතීත්වය බ්‍රිගේඩියර් ප්‍රභාත් දෙමටම්පිටියගේ උපදෙස් මත යුද්ධ හමුදා වූෂු කමිටුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පවුලේ සාමාජිකයින් විසින් මෙරටට ගෞරවයක් අත්කරදුන් ලෝකඩ පදක්කම්ලාභි කෝප්‍රල් ලක්ෂ්මන් ගුණසේකර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

short url link | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!