2017-10-31 15:29:26
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සෙබලියන් විසින් භාරතිපුරම්හි රාමක්රිෂ්ණම් ප්‍රාථමික විද්‍යාලයේ තෝරාගත් අඩුආදායම්ලාභී පවුල්වල සිසුන් 87 දෙනෙකු වෙත රු 62,600 ක් වටිනා පාවහන් සහ මේස් තොගයක් පරිත්‍යාග කරන ලදි.
2017-10-31 15:28:52
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදා නිලධාරින්ගේ සහ සෙසු නිලයින්ගේ මානසික සහානය සහ අධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් කඳුබොඩ සියනෑ විපස්සන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ සංවිධානය කරන ලද තවත් භාවනා වැඩසටහනක් සිකුරාදා 27 දින පැවැත්විණ.
2017-10-30 20:31:09
පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ශාරිරීක පුහුණු පාසලේදී ඔක්තෝබර් මස 24 සිට 27 දක්වා පැවති අන්තර් රෙජිමේන්තු මේස පන්දු තරඟාවලිය - 2017 හි ශුරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා සංඥා බලකාය සමත්වූ අතර, යුද්ධ හමුදා සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් ජාතික තලයේ දක්ෂ මේස පන්දු ක්‍රීඩකයින් රැසක්ද ශූරතාවය සඳහා තරඟ වැදුණහ.
2017-10-30 20:20:19
ළමුන් වෙනුවෙන් හදවත් රෝහලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට සහාය පිණිස ඉරිදා (29) දින පවත්වන ලද ‘දෙරණ ලිට්ල් හාර්ට්ස්’ මැරතන් ධාවන තරඟය සහ පාගමනට සහාය පළකරමින් තරඟවැදුණු ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩකයින් විසින් සියගණනක් වූ අනෙකුත් ක්‍රීඩකයින් අභිබවා විශිෂ්ට ජයග්‍රහණ ලබාගැනීමට සමත්වී ඇත.
2017-10-29 13:51:34
යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස්, පොලිසීය, යාපනය නගර සභාව ඇතුලු අනෙකුත් සේවාවන් එක්ව ඔක්තෝබර් මස 28 සහ 29 යන දිනයන්හි දී යාපනය ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහකදුරේ සිරි විමල නාහිමියන් ප්රමුඛ මහා සංඝයා වෙනුවෙන් වාර්ෂික කඨින පිංකම පැවැත්විමට මෙවර ද සහාය දැක්විය.
2017-10-28 17:38:57
ආරක්ෂක සේනා මුලස්ථානය යාපනය යටතේ රාජකාරීන් ඉටුකරන 17 වන ගැමුණු හේවා බලඇණිය, කයිට්ස් මුලික රෝහලේ සහ යාපනය ශික්ෂණ රෝහල් ලේ බැංකුවේ ඉල්ලීමකට අනුව බදාදා (25) දිනට යෙදී ඇති එම බලඇණි 9 වන සංවත්සර දිනයට සමගාමීව යාපනය ප්‍රදේශයේ රෝගීන් වෙනුවෙන් ලේ පරිත්‍යාග කරන ලදී.
2017-10-28 17:20:26
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථානගත 683 වන බලසේනාවේ සංකල්පයක් අනුව එම බලසේනාධිපති කර්නල් ඩී. පී. ජයසිංහගේ උපදෙස් අනුව බ්‍රහස්පතින්දා (17) දින මුලතිව් දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් අතරින් තෝරාගත් පෙර පාසල් දරුවන් 100 දෙනෙකුට පාසැල් පොත්, පාසල් බෑග් සහ පාසල් උපකරණ සුගන්දිපුරම් පෙර පාසලේ දී සහ වල්ලුවාර්පුරම් ජිව ජෝති පෙරපාසලේ දී බෙදාදෙන ලදී.
2017-10-26 21:05:38
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාව වෙත වෘත්තීය නිලධාරින් සහ නිලධාරිනියන් බඳවා ගැනීමට අයදුම්පත් කැදවීම මේ වන විට ආරම්භකර ඇති අතර, එය 2017 නොවැම්බර් මස 10 වන දිනෙන් අවසන් වේ.මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා යුද්ධ හමුදා වෙබ් පිටුවෙහි (www.army.lk) ‘අප හා එක්වන්න’ පිටුවට පිවිසෙන්න.
2017-10-26 21:01:46
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් මෙහෙයවන නිලධාරීන් සඳහා වූ 15 වන ‘සිවිල් සම්බන්ධිකරණ’ පාඨමාලාව අඟහරුවාදා (10) දින කොළඹ 14 හි පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී ආරම්භ කරන ලදි.
2017-10-26 09:19:35
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටත් ස්ථාපිත 233 බලසේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් රජය විසින් පවත්වනු ලබන ‘වගා සංග්‍රාමය’ ජාතික වැඩසටහනට අනුව වාකරේ ප්‍රදේශයේ අම්බන්ඩනවේලි සහ කොමත්ලමඩු ගම්මානයන්හි අඩු ආදායම්ලාභි පවුල් 200 ක් වෙනුවෙන් සිකුරාදා......