Header

Sri Lanka Army

Defender of the Nation

28th October 2017 17:20:26 Hours

ගම්බද පෙර පාසල් දෙකක සිසු සිසුවියන්ට පාසල් පොත් සහ උපකරණ බෙදා දේ

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථානගත 683 වන බලසේනාවේ සංකල්පයක් අනුව එම බලසේනාධිපති කර්නල් ඩී. පී. ජයසිංහගේ උපදෙස් අනුව බ්‍රහස්පතින්දා (17) දින මුලතිව් දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් අතරින් තෝරාගත් පෙර පාසල් දරුවන් 100 දෙනෙකුට පාසැල් පොත්, පාසල් බෑග් සහ පාසල් උපකරණ සුගන්දිපුරම් පෙර පාසලේ දී සහ වල්ලුවාර්පුරම් ජිව ජෝති පෙරපාසලේ දී බෙදාදෙන ලදී.

683 බලසේනාවේ සහයෝගයෙන් 16 ශ්‍රී ලංකා කාලතුවක්කු බලඇණියේ සහ 7 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් හී සහභාගීත්වයෙන් හා සම්බන්ධීකරණයෙන් වල්ලුවාර්පුරම් ජිව ජෝති පෙරපාසලේ සහ සුගන්දිපුරම් පෙර පාසලේ පැවති චාම් උත්සව දෙකකදී මෙම පරිත්‍යාග සිසුන්ට හිමිගන්වන ලදී.

683 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩී. පී. ජයසිංහ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වු අතර, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ගුරුවරුන් සහ සිසු සිසුවියන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Sports brands | THE SNEAKER BULLETIN