Header

Sri Lanka Army

Defender of the Nation

30th October 2017 20:20:19 Hours

‘දෙරණ ලිට්ල් හාර්ට්ස්’ මැරතන් ධාවන තරඟයට සහ පාගමනට යුද්ධ හමුදා මළල ක්‍රීඩකයන්ගේ සහාය

ළමුන් වෙනුවෙන් හදවත් රෝහලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට සහාය පිණිස ඉරිදා (29) දින පවත්වන ලද ‘දෙරණ ලිට්ල් හාර්ට්ස්’ මැරතන් ධාවන තරඟය සහ පාගමනට සහාය පළකරමින් තරඟවැදුණු ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩකයින් විසින් සියගණනක් වූ අනෙකුත් ක්‍රීඩකයින් අභිබවා විශිෂ්ට ජයග්‍රහණ ලබාගැනීමට සමත්වී ඇත.

කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී මැරතන් ධාවන තරඟය ජයග්‍රාහීව නිමාකරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කෝප්‍රල් එන්.ජී රාජසේකර කාන්තා අංශයේ රන් පදක්කම හිමිකරගත් අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකායේ සැරයන් කේ.ජී.ආර් සමන්කුමාර පිරිමි අංශයේ රන් පදක්කමද හිමිකර ගත්හ. මීට අමතරව 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කාන්තා සෙබළ යූ.කේ.එන් රත්නායක සහ 6 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ යූ.වී.කේ මධුරිකා කාන්තා අංශයේ ලෝකඩ පදක්කම් දෙකක් ද හිමිකරගන්නා ලදි.

එසේම, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබළ කේ ෂන්මුගේෂ්වරන් සහ තුවක්කු සෙබළ කේ ජයසිංහ පිළිවෙලින් පිරිමි අංශයේ රිදී පදක්කම හා ලෝකඩ පදක්කම ද හිමිකරගන්නා ලදි.

මෙම මැරතන් ධාවන තරඟය නිදහස් මාවත, බෞද්ධාලෝක මාවත, ඩී.එස්. සේනානායක මංසන්ධිය, බේස්ලයින් පාර, වෝඩ් පෙදෙස, නෙළුම් පොකුණ සහ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මාවත ආවරණය කරමින් පැවැත්වුණු අතර, තරඟ ආරම්භය හා අවසානය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදීම සිදුවිය.

Running sneakers | Men's Footwear