2017-12-15 07:33:08
යුද්ධ හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් ‘මානසික සෞඛ්‍යය’ පිළිබඳ දැනුවත් කිරිමේ තවත් වැඩසටහනක් කිලිනොච්චි සහ යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයන්හිදි දෙසැම්බර් මස 13 සහ 14 දිනයන්හි පවත්වන ලදී.
2017-12-15 07:30:31
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන බලසේනාවේ භට පිරිස් සිවිල් වැසියන් සමඟ එක්ව සමාජ සත්කාරක ශ්‍රමදාන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරන ලදි. 571 බලසේනාව යටතේ ස්ථාපිත මලයාලපුරම් හි පිහිටි 9 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් එළඹෙන නත්තල් උත්සවයට සමගාමිව භාරතිපුරම් බැප්ටිස් දේවස්ථානය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක නිරත විය.
2017-12-14 11:50:15
කොළඹ කැපිටල් සිටි රොටරි සමාජයේ පුර්ණ අනුග්‍රහකත්වයෙන් සහ මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් වැල්ලවාය ප්‍රදේශයේ තෝරාගත් පාසල් 18 ක ආර්ථික අපහසුතාවයන් ඇති පාසල් සිසුන් 1001 දෙනෙකු වෙත පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කරනු ලැබීය.
2017-12-14 08:20:16
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් දියතලාව නගරය අවට ප්‍රදේශයේ පිරිසිදු කිරීමේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක් අඟහරුවාදා (12) දින දියත් කරනු ලැබීය. මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කෙරිණි.
2017-12-13 08:36:44
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භට පිරිස් විසින් තුනුක්කායි, අලංකුලම් ප්‍රදේශයේ රැකියා විරහිත කාන්තාවන් හට උදව් පිණිස සහ ඔවුන් ධෛර්යමත් කිරීමේ අදහසින් ඉරිදා (10) දින වගා කටයුතු සඳහා ධාන්‍ය හා එළවළු බීජ බෙදාදීමේ වැඩපිළිවෙළක් දියත් කරන ලදී.
2017-12-13 08:28:33
මාතර, කඹුරුපිටියේ පිහිටි අභිමන්සල - 2 හී රණක්ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන සහ එහි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් 112 දෙනෙකු වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ ඉල්ලීමකට අනුව කඳුබොඩ බවුන්සෙත් මානසික සුවසෙවණ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ.....
2017-12-13 08:27:49
මහනුවර රග්බී ඇකඩමිය (Kandy Rugby Academy) විසින් සංවිධානය කරනු ලබන ‘රග්බී 10 තරඟාවලිය’ දෙසැම්බර් මස 9 සහ 10 දිනයන්හි මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේ දී පැවති අතර, තරඟාවලියේ කණ්ඩායම් ශුරතාවය සහ පලිහ, හර්ෆා රගර් ඇකඩමි කණ්ඩායමට (Harfa Rugby Academy) සහ......
2017-12-13 08:22:33
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත, කොම්බාවිල් ප්‍රදේශයේ ස්ථානගත 68 වන සේනාංකය සිය 8 වන සංවත්සර දිනය, වැඩසටහන් මාලාවක් සංවිධානය කරමින් එම සේනාංක මුලස්ථානයේ දී සඳුදා (11) දින පවත්වනු ලැබීය. සංවත්සර දිනයේ දී 68 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත ....
2017-12-13 08:22:20
37 වන ‘ජාතික ස්කොෂ් තරඟාවලිය - 2017’ යුද්ධ හමුදාවේ සංවිධායකත්වයෙන් දෙසැම්බර් මස 16 සිට 19 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, එහිදි ජාතික මට්ටමේ ස්කොෂ් ක්‍රීඩකයින් 100 කට වැඩි පිරිසක් සිය දක්ෂතා එළිදක්වනු ඇත.
2017-12-11 21:00:19
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයෙහි භට පිරිස්, කොළඹ ‘ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය’ සමග එක්ව පූනරීන් ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙත අක්ෂි සායනයක් පවත්වා අක්ෂි ආබාධ ඇති සිවිල් වැසියන් 398 දෙනෙකු වෙත ඇස් කණ්නාඩි බෙදාදීමේ උත්සවයක් ඉරිදා (10) දින පූනරින් හි පිහිටි කීරන්චි රජයේ දමිළ මිශ්‍ර පාසලේ දී පවත්වනු ලැබීය.