Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2017 08:27:49 Hours

මහනුවර රග්බි 10 තරඟාවලියේ ශුරතාවය විජයබාහු පාබල රෙජිමේන්තුවට

මහනුවර රග්බී ඇකඩමිය (Kandy Rugby Academy) විසින් සංවිධානය කරනු ලබන ‘රග්බී 10 තරඟාවලිය’ දෙසැම්බර් මස 9 සහ 10 දිනයන්හි මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේ දී පැවති අතර, තරඟාවලියේ කණ්ඩායම් ශුරතාවය සහ පලිහ, හර්ෆා රගර් ඇකඩමි කණ්ඩායමට (Harfa Rugby Academy) සහ ගාඩියනස් ක්‍රීඩා සමාජය කණ්ඩායමට (Guardians Sports Club) එරෙහිව තියුණුව තරඟ වැදිමෙන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම දිනාගැනිමට සමත්විය.

ඉරිදා (10) දින බෝගම්බර් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟාවලිය සඳහා යුද්ධ හමුදාව නියෝජනය කරමින් Archers ‘A’ කණ්ඩායම සහ Archers ‘B’ කණ්ඩායම, ලකුණු 30-00 ක් සහ 07-05 ක් වශයෙන් පිළිවලින් හර්ෆා රගර් ඇකඩමි කණ්ඩායමට (Harfa Rugby Academy) සහ ග්ඩින්ස් ක්‍රීඩා සමාජය කණ්ඩායමට (Guardians Sports Club) එරෙහිව තරඟ වදිමින් ජයග්‍රහණය හිමිකරගැනිමට සමත්විය.

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සහාය ඇතිව මහනුවර රග්බි ඇකඩමිය විසින් 2017 - මහනුවර රග්බි තරඟාවලිය (Kandy Rugby 10s - 2017) සංවිධානය කරන ලදී.

තරඟයේ ආරම්භයේ සිටම ලකුණු පුවරුවෙහි විජයබාහු පාබල රෙජිමේන්තුවේ ක්‍රීඩකයින්ගේ දක්ෂතාවන් වඩාත් කැපී පෙනෙන අයුරින් සටහන් කෙරෙණි.

Archers ක්‍රීඩා සමාජයේ හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් දෙකක් යටතේ විවෘත අංශයෙන් තරඟ වැඳි කණ්ඩායම් ශුරතාවය සහ පලිහ දිනාගැනීමට සමත් විය.

විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන මෙම ජයග්‍රහණය සඳහා උපරිම දායකත්වය ලබාදුන්හ.

යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් සහ රගර් ක්‍රීඩා සමාජයේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Sports Shoes | Men’s shoes