Header

Sri Lanka Army

Defender of the Nation

15th December 2017 07:33:08 Hours

මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ තවත් දැනුවත් කිරිමේ වැඩසටහනක් කිලිනොච්චි සහ යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයන්හිදි

යුද්ධ හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් ‘මානසික සෞඛ්‍යය’ පිළිබඳ දැනුවත් කිරිමේ තවත් වැඩසටහනක් කිලිනොච්චි සහ යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයන්හිදි දෙසැම්බර් මස 13 සහ 14 දිනයන්හි පවත්වන ලදී.

කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී පැවති මෙම වැඩසටහන සඳහා නිලධාරින් ඇතුළුව යුද්ධ හමුදා සාමාජිකයන් 638 දෙනෙකු සහභාගි විය.

එමෙන්ම, යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ පැවැති වැඩසටහන සඳහා නිලධාරින් 30 ක් සහ සෙසුනිලයින් 635 දෙනෙකු සහභාගි විය.

යුද්ධ හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අතුල හැන්නදිගේ විසින් සම්බන්ධිකරණය කරන ලද මෙම වැඩසටහන සඳහා මානසික සෞඛ්‍යය ඒකකය, මහනුවර ශීක්ෂණ රෝහල මගින් දේශණ සහාය ලබාදුන් අතර මහනුවර මානසික රෝහලේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය වෛද්‍ය චමින්ද සිරිවර්ධන මහතා ද මෙම වැඩසටහන සඳහා දේශණ සහාය ලබාදෙන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් ගේ උපදෙස් මත යුද්ධ හමුදා නිලධාරින්ගේ සහ සෙසුනිලයින්ගේ ධනාත්මක චින්තන ආකල්ප ඇතිකිරීම සහ මානසික සෞඛ්‍ය වර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදා මුලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මෙම වැඩසටහන් පවත්වනු ලැබීය.

Buy Kicks | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp