Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2017 08:28:33 Hours

රණක්ෂිතයට පත් යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් තවත් භාවනා වැඩසටහනක්

මාතර, කඹුරුපිටියේ පිහිටි අභිමන්සල - 2 හී රණක්ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන සහ එහි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් 112 දෙනෙකු වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉල්ලීමකට අනුව කඳුබොඩ බවුන්සෙත් මානසික සුවසෙවණ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් එක්දින භාවනා වැඩසටහනක් අඟහරුවදා (07) දින පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පවත්වනු ලැබු මෙම භාවනා වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරින් 4 ක් සහ කාන්තා සෙබළියන් 8 දෙනෙකු ද ඇතුළුව සෙසුනිලයින් 108 දෙනෙකු සහභාගි විය.

Sports brands | Nike Off-White