2017-12-29 04:57:08
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක භට පිරිස් විසින් කතෝලික බැතිමතුන්ගේ සහයෝගය ඇතිව දෙසැම්බර් මස 23 වන දින පරන්තන් ශාන්ත අන්තෝනි දේවස්ථාන පරිශ්‍රයේ දී ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
2017-12-29 04:54:46
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන ගේ මඟපෙන්විම යටතේ සිකුරාදා (15) දින වැඩසටහන් මාලාවක් සමඟින් සිය 9 වන සංවත්සරය සමරන ලදි.
2017-12-29 04:53:47
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු එල්ලේ තරඟාවලිය (පිරිමි) සහ අන්තර් ඒකක එල්ලේ තරඟාවලිය (කාන්තා) සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේ දී බදාදා (27) දින ආරම්භ විය. කාන්තා ඒකක 6 ක් ද ඇතුලුව රෙජිමේන්තු 15 කට අයත් එල්ලේ ක්‍රීඩකයින් 100 අධික පිරිසක් දෙසැම්බර් 27 සිට 30 දක්වා පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා සහභාගි වේ.
2017-12-27 22:34:39
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 621 බලසේනා මුලස්ථානයේ පසුගිය දා සංචාරයක නිරත වු වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විසින් එහිදී අභිනවයෙන් ඉදිකරන ලද නව නිලධාරි නිවස්නයද විවෘත කරන ලදි. 621 බලසේනාවේ බලසේනාධිපති කර්නල් කල්ප සංජීව ගේ යෝජනාවකට අනුව....
2017-12-27 22:33:50
කොළඹ යුද්ධ හමුදා රෝහලේ සේවය කරනු ලබන නිළධාරින් සහසෙසුනිළයින් විසින් (22) සිකුරාදා නත්තල් දින උදෑසන කිතුණු දේවගැති පූජ්‍ය රැන්ඩිල් පියතුමා සහ ‘මැසෙන්ඩ් තරුණ කැළ’ සමග එක්ව නත්තල් බැති ගී ප්‍රසංගයක් පවත්වන ලදි.
2017-12-26 23:51:39
කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානය සමග සම්බන්ධතාවයෙන් ශාන්ත පීතර දේවස්ථානය සහ ශාන්ත පාවුලු දේවස්ථානය, රත්නපුර ශාන්ත වින්ඩ් ළදරු නිවහනේදී නත්තල් අසිරිය ළමුන් සමග බෙදාහදා ගැනීමේ අරමුණින් සෙනසුරාදා (23) දින නත්තල් උත්සවයක් සංවිධානය කරන ලදි.
2017-12-26 23:50:08
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 3 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් කිලිනොච්චි, අම්පකාමම් ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්ගේ ජීවන තත්වය ඉහල දැමිමේ අරමුණින් ආර්ථීක වටිනාකමක් ඇති පැල 2000 කට ආසන්න ප්‍රමාණයක් පසුගිය බ්‍රහස්පතින්දා (21) දින බෙදා දෙනු ලැබීය.
2017-12-26 23:49:50
ආරක්ෂක සේනා මූලස්ථානයේ නැගෙනහිර (SFHQ-E) හි ඉල්ලීම පරිදි වැලිකන්ද ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන්ගේ ජීවන තත්වය නඟා සිටුවීම සඳහා රුපියල් ලක්ෂ 6 පමණ වටිනාකමින් යුත් පාසල් උපකරණ, අධ්‍යාපන හා ක්‍රීඩා උපකරණ මහරගම පිහිටි ‘පිළිවෙත් පුරන්නෝ’ පුණ්යායතිනය මගින් බෙදා දෙන ලදි. නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති.....
2017-12-25 12:07:36
ත්‍රිකුණාමලය ‘ශ්‍රී දුර්ගා අම්මාන්’ හින්දු කෝවිලේ වාර්ෂික කෝවිල් පූජාව පැවැත්වීම සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ භට පිරිස් අඟහරුවාදා (19) දින සිය සහයෝගය ලබාදුන්හ. පූජාව පැවැත්වීමට පෙර දින, 22 වන සේනාංකයේ භට පිරිස් හින්දු බැතිමතුන් හා එක්ව කෝවිල් භූමිය අවට පිරිසිදුකිරීමේ ශ්‍රමදානයක නිරතවිය.
2017-12-25 11:56:39
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය, ‘සුසරණ ලංකා සමාජ සංවර්ධන පදනම’ (SLSDF) සමඟ එක්ව සංවිධානය කරනු ලැබූ වෛද්‍ය සායනයක් යාපනය, මිරුසුවිල් පිහිටි උෂාන් රාමදාන් විද්‍යාලයේදී ඉරිදා (24) දින පැවැත්වූ අතර, එහිදී සිවිල් වැසියන් 400 කට අධික පිරිසකට වෛද්‍ය උපදේශණ ලබාදෙනු ලැබීය.