Header

Sri Lanka Army

Defender of the Nation

25th December 2017 12:07:36 Hours

දුර්ගා අම්මාන් කෝවිල් පූජාවට 22 වන සේනාකංයේ භට පිරිස්හි සහාය

ත්‍රිකුණාමලය ‘ශ්‍රී දුර්ගා අම්මාන්’ හින්දු කෝවිලේ වාර්ෂික කෝවිල් පූජාව පැවැත්වීම සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ භට පිරිස් අඟහරුවාදා (19) දින සිය සහයෝගය ලබාදුන්හ.

පූජාව පැවැත්වීමට පෙර දින, 22 වන සේනාංකයේ භට පිරිස් හින්දු බැතිමතුන් හා එක්ව කෝවිල් භූමිය අවට පිරිසිදුකිරීමේ ශ්‍රමදානයක නිරතවිය.

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ මඟපෙන්වීම යටතේ වාර්ෂික පූජාව පැවැත්වීම සඳහා සහයෝගය ලබාදුන් අතර, එහිදී බැතිමතුන් 500 කට අධික පිරිසකට භට පිරිස් විසින් සංග්‍රහ කටයුතුද ඉටුකරන ලදි.

යුද්ධ හමුදා භට පිරිස් සිදුකරන ලද මෙම ප්‍රජා සත්කාරක ආගමික කටයුත්ත කෝවිල් ප්‍රධාන කුරුක්කල්තුමා සහ බැතිමතුන්ගේද මහත් ප්‍රසංශාවට ලක්වී තිබේ.

මෙම උත්සවය සඳහා 22 වන සේනාංකයේ කර්නල් සම්බන්ධීකරණ කර්නල් එච්.එම්.එන්.බී. හේරත්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පොලිස් නිලධාරින්, සෙසුනිලයින් සහ බැතිමතුන් විශාල පිරිසක් සහභාගී විය.

Sportswear Design | plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov