Header

Sri Lanka Army

Defender of the Nation

26th December 2017 23:49:50 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ඉල්ලීමක් මත ‘පිළිවෙත් පුරන්නෝ’ වැලිකන්දට

ආරක්ෂක සේනා මූලස්ථානයේ නැගෙනහිර (SFHQ-E) හි ඉල්ලීම පරිදි වැලිකන්ද ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන්ගේ ජීවන තත්වය නඟා සිටුවීම සඳහා රුපියල් ලක්ෂ 6 පමණ වටිනාකමින් යුත් පාසල් උපකරණ, අධ්‍යාපන හා ක්‍රීඩා උපකරණ මහරගම පිහිටි ‘පිළිවෙත් පුරන්නෝ’ පුණ්‍යායතිනය මගින් බෙදා දෙන ලදි.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ අධීක්ෂණයෙන් හා මනා සම්බන්ධිකරණයෙන් මෙම ත්‍යාග බෙදාදීමේ උත්සවය නත්තල් උත්සවයට සමගාමීව වැලිකන්ද දිඹුලාන කනිෂ්ඨ විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විණ.

‘පිළිවෙත් පුරන්නෝ’ පුණ්‍යායතනයේ ප්‍රධානි පූජ්‍ය කොට්ටාවේ හේමවංශ හිමි, පූජ්‍ය එම්. ශාසනවංශ හිමි සහ එම සංවිධානයේ සාමාජිකයින් පිරිසක් විසින් අදාල ත්‍යාග පාර්සල් තෝරා ගන්නා ලද ළමුන් සහ පවුල් වෙත පිරිනමන ලදි.

දිඹුලාන කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එම ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී ඔවුන්ගේ කෘතඥ පූර්වක ස්තූතිය පිරිනැමිම සඳහා විදුහල්පති, ගුරුවරුන් සහ පරිත්‍යාගශීලීන් ඉදිරියේ ඔවුන්ගේ දක්ෂතා දක්වමින් සංස්කෘතික නර්ථන අංගයක්ද ඉදිරිපත් කළහ.

මෙම ප්‍රජා සමාජ සත්කාරය ක්‍රියාවට නැංවීම වෙනුවෙන් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති දෙමාපියන්ගේ ප්‍රශංසාවට ද ලක්විය.

දිඹුලාන පරාක්‍රම විහාරයේ විහාරාධිපති පූජ්‍ය අහුන්ගල්ලේ චිත්තලංකාර හිමි, නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ ප්‍රධාන සිවිල් සම්බන්ධිකරණ නිළධාරි ලුතිතන් කර්නල් ආර්.ඒ.ටි රණසිංහ, අතිරේක සිවිල් සම්බන්ධිකරණ නිළධාරි ලුතිතන් කර්නල් එස්.එම්.එස් සමරකෝන්, පාසල් සිසුන්, දෙමාපියන්, ගුරුභවතුන් සහ සුභ පතන්නන් මෙම ප්‍රජා සත්කාරක උත්සව අවස්ථාවට එක් විය.

Authentic Sneakers | シューズ