Header

Sri Lanka Army

Defender of the Nation

26th December 2017 23:50:08 Hours

අඩු ආදායම්ලාභි පවුල් වෙත 3 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් වටිනා පැල බෙදාදේ

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 3 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් කිලිනොච්චි, අම්පකාමම් ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්ගේ ජීවන තත්වය ඉහල දැමිමේ අරමුණින් ආර්ථීක වටිනාකමක් ඇති පැල 2000 කට ආසන්න ප්‍රමාණයක් පසුගිය බ්‍රහස්පතින්දා (21) දින බෙදා දෙනු ලැබීය.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ උපදෙස් හා 574 වන බල සේනාවේ බලසේනාධිපති කර්නල් චන්දන සෝමවීරගේ අධික්ෂණයෙන් අම්පකාමම් ප්‍රදේශයේ තෝරාගත් පවුල් 50 කට මෙම පැල බෙදාදිම සිදුකරන ලදි.

භට පිරිස් විසින් බෙදා දෙන ලද මෙම පැල අතර කොස්, දෙල් සහ අඹ වැනි ආර්ථිකමය වටිනාකමක් ඇති පැල ද ඇතුළත් විය.

Nike Sneakers | nike air jordan lebron 11 blue eyes black people